කොළඹ නගරයේ පවත්වන සියලුම වෙසක් කලාප එකිනෙකට සම්බන්ධකර කොළඹ නගරයම මහා වෙසක් කලාපයක් බවට පත්කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රකාශ කළේය.
ගංගාරාම සීමාමාලකයේ ඊයේ(17දා) පැවැති බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් සමන් ඒකනායක මහතා මේ බව කීවේය.
කොළඹ නගරය තුළ ස්ථාන කිහිපයක වෙසක් කලාප 07ක් පමණ ක්‍රියාත්මක වන බවත්, මේ සියල්ල එකිනෙකට සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි කොළඹ මහ නගරසභාවෙන් ඉල්ලීමක් කළ බවත් හුණුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ මෙහිදී පැවසූහ.
එයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා මේබව කීවේය.