කොළඹ වීදි චිත්‍ර ශිල්පීන්ගේ සංගමය සමග ඊයේ (16) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
සිය ඉල්ලීම් කිහිපයක් ද මෙහිදී මෙම නියෝජිතයින් විසින් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර සංචාරක ආකර්ෂණයට ලක්වූ ප්‍රදේශවල තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා ගැනීම,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වීම, ශ්‍රී ලංකා කලා මණ්ඩලය නියෝජනයට අවස්ථාවක් ලබා ගැනීම, සංස්කෘතික සහ සංචාරක අමාත්‍යාංශ සහය ලබාගැනීම සිය නිර්මාණ ඉදිරිපත්කරන ප්‍රදේශවල නගරාලංකාර කටයුතු මෙන්ම පූර්ණකාලීනව ක්ෂේත්රයේ නිරතවන පිරිස්වලට බැංකු ණය ලබා ගැනීමේ පහසුකම් සලසා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතර විය.
එමෙන්ම ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා කිහිපයක් ද ඔවුන් මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.
රට තුළ සංහිදියාව ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළට දායක වෙමින් උතුර, දකුණ යා කෙරෙන සංහිදියා වැඩසටහන් සදහා සිය නිර්මාණ දායකත්වය ලබාදීමේ හැකියාව ද ඔවුන් පෙන්වා දුන්හ.
සංගමයේ සභාපති ඒ.සී. නුවන්, ලේකම් විශ්වජිත් යෂේරා, භාණ්ඩාගාරික ලක්ෂමන් දිසානායක යන මහත්වරුන් ඇතුථ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )