විනීත රියදුරන් තෝරා ඔවුන් දිරිමත් කිරීමේ දෙවැනි අදියර හෙට (18දා) සිට කොළඹ නගරය ආශ්රිත පැවැත්වීමට සැලසුම් කර තිබේ.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේදී විනීත රියදුරන්ට ත්‍යාග මුදල්, නොමිලේ වෛද්‍ය සේවා හා විවිධ ආයතනවල සේවා ලබා ගැනීමේදී වට්ටම් ලබාදීමද සිදු කෙරේ.
මෙහි පළමු අදියර මහනුවර නගරය ආශ්‍රිතව සිදුවිය. එහිදී රියදුරන් 300 දෙනෙකු ඇගයීමට ලක් විය.