දකුණු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු කොටස, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන 7.00 ට විවෘත කිරිමට නියමිතය. ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන එම පර්යන්තයෙහි මුළු දිග ප්‍රමාණය මීටර් 1200 කි.
එයින් මීටර් 400 ක ප්‍රමාණයක් මේ වනවිට ඉදිකර තිබේ. එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් සම්ප්‍රදායික නැව්බඩු රැගත් නෞකාවක් චීනයේ සිට පර්යන්තට පැමිණේ.
සාම්ප්‍රදායික නැව් බඩු රැගත් නෞකා හැසිර වීමට හැකි ශ්‍රී ලංකාවේ ගැඹුරුතම පර්යන්තයද මෙය වෙයි. මීටර් 18ක් ගැඹුරති නැගෙනහිර පර්යන්තය, ඉදිරියේදී බහළුම් රැගත් නෞකා සඳහා සේවා සැපයීම ඉලක්ක කර සංවර්ධනය කිරීමටද නියමිතය.
පර්යන්තයේ මීටර් 400 ක ප්‍රමාණය නිමා කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආයෝජනය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 80කි.
දකුනු