කොළඹ වරායේ මේ දක්වා ආදායම රුපියල් බිලියන 29ක් වන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය. කොළඹ වරායේ සමස්ත මෙහෙයුම් ප්‍රමාණය මිලියන 5 ඉක්මවීහ සැමරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා අද (21දා) මේ බව පැවැසීය.
කෙසේ වෙතත් කොළඹ වරායෙන් ලැබෙන ආදායම වෙනත් වරායවල්හි අලාභ පියවීම සඳහා යොදාගැනීමට සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
හම්බන්තෙර වරායේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 192ක් බවත්, එම ණය ගෙවීමද ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.