කොළඹ වරාය සංවර්ධනයට පියවර
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT) සංවර්ධනය කිරීම සඳහා යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කරතිබේ. ඒ සඳහා මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.
වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුව ඉදිරියේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම උදෙසා අභිලාෂයන් ප්‍රකාශ කිරීමේ අවස්ථාවද විවෘත කර ඇති බව වරාය අධිකාරිය පැවසීය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතියේ මූල්‍ය උපදේශකයකු ලෙස ආසියානු සංවර්ධන බැංකුව (ADB) පත් කිරීමට එහිදී තීරණය කළ බවද ප්‍රකාශවිය.
මීටර් 1200කින් යුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මේ වනවිට මීටර් 400ක කොටස නිමා කර ඇති අතර,ශ්‍රී ලංකා වරාය අධිකාරිය එම මීටර් 400 කොටස මේ වනවිට සාම්ප්‍රදායික නැව් භාණ්ඩ මෙහෙයවීම සඳහා යොදාගෙන තිබේ. නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය කොළඹ වරායේ දෙවැනි විශාලතම ගැඹුරුදිය ව්‍යාපෘතිය වන අතර, එහි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී 51%ක කොටස් අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගනිමින් සෙසු කොටස් සඳහා සුදුසු නාවික ආයතනයක් හෝ පර්යන්ත මෙහෙයුම් සමාගමක් තෝරාගැනීමටද මේ වනවිට අවධානය යොමු වී ඇතිබව වරාය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

