කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ අනතුරකට පත්ව ඇතැයි පවසන ප්‍රකාශ අසත්‍ය බවත් එක් එක් රටවල් පිනවීම සඳහා ජනතාව නොමඟ යවන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (03දා) බණ්ඩාරවෙල නගරයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රචාරක රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“ඊයේ පෙරේදා හදිසියේ අවදිවෙලා කියනවා කවුද කීවලු කොළඹ නගරය ගිලෙනවලු- කොළඹ අළුත් නගරය හදපු නිසා. මේ සේරම බොරු කියලා ජනතාව නොමඟ යවමින් කරපු වැඩ කොටස නවත්තලා මේ අය කුමන්ත්‍රණ කරන්නේ එක එක රටවල් පිනවන්නයි. මේක අපි ඉපදුණු රට. අපි ජීවත් වෙන රට. කවදා හරි අපි මිහිදන් වන රට. අපට වෙන රටක් නෑ.”