කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ නගරය අනතුරක බව ලොව පිළිගත් විද්‍යාඥයින් විසින් තර්කානූකුළව පෙන්වා දී තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
පඬුවස්නුවරදි පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. එය මේ වන විට පටන්ගෙන ඇති බවත් ඇතැම් දිනයන්හි කැබිනට් හමුව පවත්වන වන විට ජනපති ලේකම් කාර්යාලයේ පොළෙව සෙලවෙන බවත් ඔහු පැවැසීය.
පසුගිය නායකයින් මෙම ව්‍යාපෘතියට අත්සන් තැබීමට පෙර නිසි සක්‍යතා අධ්‍යයනක් සිදු කර නොමැතීවීම ඊට හේතුවී තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා සඳහන් කළේ මුදල් ඇමති තනතුර රවී කරුණායක මහතාට ලබාදීමේදීත්, මහ බැංකු අධිපතිධුරය අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබාදීමේදිත් තමන් ඒ සඳහා විරුද්ධ වූ බවත් ඔවුන්ව පත්නොකරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් පැවැසූ බවත් ජනාධිපතිවරයා පැවැසීය.