කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික හා මූල්‍ය කලාපයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම කලාපය හොංකාං ආර්ථික කලාපයේ හා ඩුබායි නගරයේ මෙන් විශේෂ නීතිරීති වලට යටත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා වූ නීතිරීති කෙටුම්පත් කිරීමේ මූලික කටයුතු දැන් සිදුකෙරෙමින් පවතින බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ ස්විට්සර්ලන්තයේ ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු මධ්‍යස්ථානයේ දී ඩොයිෂවෙලා ජර්මානු රූපවාහිනී ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.