2015 වසරේදී ඉතිහාසයේ වැඩිම වාර්ෂික බහලු හැසිරවීම් ප්රමාණය වාර්තා කිරීමට කොළඹ වරාය සමත් වී ඇත. ශ්රී ලංකා මහ බැංකුවේ 2015 වාර්ෂික වාර්තාවට අනුව කොළඹ වරායේ සමස්ත කාර්ය සාධනය වර්ධනය වීම සියයට 12යි දශම 2ක් වේ. එහිදී බහලු නෞකා පැමිණීමේ සහ සාම්ප්රදායික භාණ්ඩ ප්රවාහන නෞකා පැමිණීමේ වර්ධනය පිළිවෙළින් සියයට 12.5 ක් සහ සියයට 60.7 ක් ලෙස වාර්තා වී ඇත.
කොළඹ වරායේ මුළු බහළු මෙහෙයුම් ප්රමාණයද 2014 වර්ෂයට සාපේක්ෂව 2015 වසරේදී සියයට 5.7 ක වර්ධනයක් පෙන්නුම් කරන අතර ඒ 2014 වසරේදී මෙහෙයවන ලද අඩි විස්ස බහළු මිලියන 4.9, වර්ෂ 2015දී මිලියන 5.2 ක් දක්වා වර්ධනය කරමිනි. මීට අමතරව ප්රතිනැව්ගත කිරීමේ මෙහෙයුම්ද 2015 වර්ෂයේදී සියයට 4.9 ක වර්ධනයක් වාර්තා කර ඇත. ශ්රී ලංකා මහ බැංකුවේ 2015 වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය වසරට සාපෙක්ෂව 2015 වර්ෂයේදී කොළඹ වරායේ මෙහෙයුම් පහසුකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බවයි.