කොළඹ නගරයේ මාර්ග විනය පවත්වාගෙන යෑමට අදාළව පොලීසිය කළ විශේෂ රථවාහන මෙහෙයුමකින් පුද්ගලයන් 9130කට එරෙහිව නඩු පැවරූ බව පොලීසිය පවසයි.
කොළඹ මාර්ග තදබදය සඳහා රථවාහන ගමනාගමනය විධිමත්ව නොපැවතීම සම්බන්ධයෙන් මහජනතාව විශාල පීඩාවකට පත්වන බවද පොලීසිය පවසයි.
ඒ අනුව මාර්ගය භාවිත කරන පදිකයන්ගේ හා රියදුරන්ගේ විනය පවත්වාගෙන යෑමට මෙම මෙහෙයුම් ක්රියාත්මක වේ.
පසුගිය 12 දා සිට 16 දා දක්වා අතර කාලයේදී ඉලක්කගත වැරදි කිහිපයක් සම්බන්ධයෙන් මෙම නඩු ලබාගෙන තිබේ.
එහිදී වැඩිම නඩු ප්රමාණයක් පවරා ඇත්තේ මංතීරු නීතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් වන අතර, එම නඩු ප්රමාණය 7456කි.