රාජ්‍ය ආයතන කොළඹ නගරයෙන් පිටතට ගෙනයාමේ ව්‍යාපෘතිය යටතේ සෙත්සිරිපාය තුන්වැනි අදියර ක්‍රියාත්මක කරන බවත්, ඒ හරහා කොළඹ නගරයේ ඇති අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 113 එතුළට ගෙනඑන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
වාහන තදබදය සහ ජනතාවගේ පරිපාලන අවශ්‍යතා සලකා බලා ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන අමාත්‍යාංශ 31, දෙපාර්තමේන්තු 50 සහ රාජ්‍ය ආයතන 32 ඒ යටතේ සෙත්සිරිපාය යටතට ගෙනඑන බව අමාත්‍යවරයා සඳහන් කළේය.හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (11දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එමෙන්ම මහ නගර ව්‍යාපෘතිය යටතේ ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලයද පාර්ලිමේන්තුව අසල ස්ථානයක ස්ථාපිත කරන බවත්, කොළඹ නගරය වාණිජ කටයුතු සඳහා මූලිකත්වය ලබාදෙන නගරයක් ලෙස වැඩිදියුණු කරන බවත් අමාත්‍යවරයා කීය.
|
කොළඹ නගරය වාණිජ කටයුතු සඳහා මූලිකත්වය ලබාදෙන නගරයක් ලෙස වැඩිදියුණු කරන බවත් අමාත්‍යවරයා කීය.
|