කැළණි ගඟෙහි ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ පේ‍්‍රමා හෙට්ටිආරච්චි මහත්මිය ද සඳහන් කළාය. කැළණි ගඟෙහි ජල මට්ටම පරීක්ෂා කෙරෙන නාගලගංවීදිය ප්‍රදේශයේ ජල මට්ටම ද අඩි 07 ක් දක්වා මේ වන විට වැඩි වී ඇති අතර ඊයේ (17) හවස 06.00 පමණ වන විට එම ස්ථානයේ ජල මට්ටම පැවතියේ අඩි 06 යි දශම 01 ක් ලෙසය.
කොළඹ දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂා තත්ත්වය සහ කැලණි ගඟේ ඉහළ කොටසට ඇති වී තිබෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කැළණි ගඟ දෙපස ගම්මාන විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබේ.
වැල්ලම්පිටිය, සේදවත්ත, කොලොන්නාව, කඩුවෙල, හංවැල්ල ප්‍ර‘දේශවල පවුල් 35513 කට අයත් පුද්ගලයන් 171135 ක් මේ අනුව පීඩාව පත්ව සිටිති.
පවුල් 30726 කට අයත් පුද්ගලයන් 148801 කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබෙන අතර, එම පිරිස් ආරක්ෂක කඳවුරු 56 ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.