කොළඹ නගරයේ මාර්ග තදබදය අවම කිරීමට පුමුඛතා මංතීරු හඳුන්වාදීමේ වැඩසටහන් ක්‍රියාතක්මක කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මාර්ග තදබදය ඉහළයාමට පෞද්ගලික වාහන භාවිතය ඉහළ යාමත්, පොදු ප්‍රවාහන භාවිතය පහළ යාමත් හේතු වී ඇතැයි කී ඇමතිවරයා පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමේ උපායමාර්ගයක් ලෙස බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කියා සිටියේය.
මාර්ග තදබදයට උපායමාර්ග අත්හදා බැලීමක් ලෙස ලබන 12 වැනිදා සිට සතියක කාලයක් රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා මෙම ප්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද රණවක මහතා ප්‍රකාශ කළේය.
ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සෑම දිනකම මාර්ග තදබදය නිසා රුපියල් බිලියනයක පමණ මුදල් ප්‍රමාණයක් නාස්ති වන බවයි. මේ හේතුවෙන් ආසන්න වශයෙන් වසරකට රුපියල් බිලියන 350ක පමණ ප්‍රමාණයක් නාස්ති වන බවත්, එය වසරකට මාර්ග ක්ෂේත්රය වෙනුවෙන් ආයෝජනය කරන ප්‍රමාණයට වඩා වැඩි මුදලක් බවත් අමාත්‍යවරයා පැවසුවේය.
මේ නිසා අදාළ ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දීර්ඝකාලීනව මෙම ප්‍රමුඛතා මංතීරු භාවිත කරන බවත්, සීඝ්‍රගාමී බස් සේවයක් ලංකාවට හඳුන්වාදෙන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
සරසි නෙත්මිණි