කොළඹ නගරය මළ නගරයක් වීම වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග 03 ක් ගත යුතු බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බාහිරින් අලංකාර අතීත සංවර්ධනයේ අභ්‍යන්තරය බියකුරු බවත්, ඒ සඳහා රටට විශාල ණය බරක් එකතු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
රටට අවශ්‍ය වන්නේ මහජන මුදල් නාස්ති වන සුදු අලි වැනි ව්‍යාපෘති නොව රටට අදායම් ලැබෙන ව්‍යපෘති බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
හෙතෙම මේ බව පැවසුවේ රු. මිලියන 58 ක වියදමින් ඉදිකෙරුණු හෝමාගම සතිපොළ විවෘත කිරීමේ අවස්ථාවට අද (18දා) එක්වෙමිනි.