කොළඹ පොත් ප්‍රදර්ශනය ඇරඹේ
කියවීම තුළින් ප්රබුද්ධ ජාතියක් ගොඩනැගිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව පවසා යිසියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
&අපේ රටේ වගේම වගේම ලෝකයේ වෙනත් රටවල් විවිධ ක්ෂේත්‍ර වෙනුවෙන් වාර්ෂිකව ප්‍රදර්ශන පවත්වනවා. නමුත් වාර්ෂික පොත් ප්‍රදර්ශනය ඒ සියලුම ක්ෂේත්රයන්ට වඩා වෙනස්. කියවන්නේ නැති මිනිස්සු හරියට යකඩ වගේ කියල කියමනක් තිබෙනවා. යකඩවල තියෙන්නේ යකඩ විතරයි. ඒ හැර වෙන දෙයක් නැහැ. කියවන මිනිස්සු අහගෙන ඉන්නවා, නම්‍යශීලී වෙනවා, සවන් දෙනවා, සමාජයේ ප්‍රශ්න තේරුම් ගන්නවා. තමාගේ දැනුම, අවබෝධය සමග තමාට මිනිසෙක් විදිහට සමාජය තුළ ජීවත් විය හැකි සියල්ල කියවීම තුළින් සම්පූර්ණ වෙනවා.
ඒ නිසා තමයි කියවන මිනිසෙක් පරිපූර්ණ මිනිසෙක් විදිහට බොහෝ අය හඳුන්වන්නේ. මුළු ඉතිහාසය පුරා මේ රටේ ජනතාවට කියවීම පිළිබඳ තිබුණු උනන්දුව, ආකර්ෂණය ඒ පිළිබඳව තිබෙන බොහෝ සාක්ෂි මගින් හෙළිවෙනවා. පෙර රජ දවස සිට සාහිත්‍ය ක්ෂේත්රය තුළ නොඅඩුව නිර්මාණ බිහිවෙලා තිබීම මගින් ඒ බව ඔප්පු වෙනවා.
රටක් විදිහට ප්රබුද්ධ ජාතියක් ගොඩනගා ගැනීමට, දැනුමින් පිරි ජාතියක් ගොඩනගන්න පොත් තුළින් ලැබෙන ශක්තිය ඉතාම විශිෂ්ටයි*
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(15දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
19 වැනි වරට පවත්වන මෙවර පොත් ප්‍රදර්ශන කුටි 450ක් පමණ අන්තර්ගත වන අතර, ඉන්දියාව, චීනය මැලේසියාව, එංගලන්තය, ජපානය ආදී රටවල්ද ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කර තිබේ.
එළඹෙන 24දා තෙක් දින 10ක් පුරාවට මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති එච්.ඩී ප්‍රේමසිරි මහතා සහ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

