කොළඹ ආනන්ද - නාලන්ද විදුහල් අතර ගැටුම හා කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ සිසුන් අතර ඇතිවූ ගැටුමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 15 දෙනාගෙන් 10 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.
සිද්ධියට අදාළව මරදාන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනෙකු මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 100000ක ශරීර ඇප මත මුදා හැර තිබේ. ඔවුහු අද (16දා) නැවත අධිකරණයට කැඳවීමට නියමිතය.
මේ අතර බොරැල්ල පොලීසිය මගින් අත්අඩංගුට ගත් සිසුන් 05 දෙනා අද (16දා) අලුත් කඩේ මහේස්ත්රාත් අධිකරණයට කැඳවීමට නියමිතය.