කොළඹ ඩී.ආර්.විජවර්ධන මාවතේ පිහිටි සතොසට අයත් අක්කර ගණනක ඉඩමක් ඉන්දීය ආයෝජකයෙකුට විකුණා දැමීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් අද (13) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කබීර් හෂීම් ඇමතිවරයා සහ රිෂාද් බදියුර්දීන් ඇමතිවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචි බොරැල්ල වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමා වෙළෙඳ ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ආරක්ෂා කළ ඉඩමක් මෙසේ විකුණා දැමීමට යන බවයි.