කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ බිරිඳ වන ෆෙරෝසා මුසම්මිල් මහත්මියගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා නගර සභාවේ සම්පත් යොදාගන්නා බවට සේවකයෝ චෝදනා කරති.
නගරාධිපතිවරයාගේ ආරක්ෂකයන් සඳහා ගමන් කිරීමට ලබාදී ඇති නිල රථය සහ ආරක්ෂක නිලධාරීන් යොදවා ගනිමින් අද (06දා) රාත්රියේදී කොළඹ දිස්ත්රික්කය පුරා පෝස්ටර් අලවා තිබෙන බවද සේවකයෝ පෙන්වා දෙති.
මුසම්මිල් මහතාගේ ආරක්ෂකයන් හතරදෙනාම මෙසේ පෝස්ටර් ඇලවීමට ගොස් තිබෙන බවත්, නගර සභාවේ ඉන්ධන සහ මුදල් ඒ සඳහා වැයකර තිබෙන බවත් සේවකයෝ පවසති.