එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පැවසීය.
ග්‍රෑන්ඩ්පාස්, කම්කරුපුර මහල් නිවාස සංකීර්ණයට පිවිසෙන මාර්ගයක් සංවර්ධනය කර විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය. කොළඹ නාගරික මන්ත්‍රී එච්. එම්. මන්සිල් මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදන මගින් මේ මාර්ගය සංවර්ධනය කර ඇත.
"පසුගිය කාලයේ කොළඹ නගරයේ සුළුජාතීන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඈත්වූවා. රටේ නායකයාට ජාති, ආගම් සහ කුල අදාළ වන්නේ නැහැ. ඉදිරියේදී සන්ධානයෙන් ඈත්වූ ජනතාව නැවත ඒවටා එක්රැස් කරගැනීමට නියමිතයි.
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන්. අපි මේ රටට ආදරෙයි. අපේ මව්බිමට ආදරෙයි. යුද්දෙන් පස්සේ නිසි ජයග්‍රහණයක් ලබාගන්න නම් අපි ජාතික චින්තනයෙන් ඉදිරියට යායුතුයි. ඒ වගේම පළාත් පාලන ආයතන ගැන සහ පළාත් පාලන නියෝජිතයන් ගැන ජනතාවට තියෙන්නේ ඉතාම නරක මතයක්. අපි ඉදිරියේදී ඒ මතය වෙනස් කරන්න වැඩ කළ යුතුයි"