කොළඹ මහ නගර සභාවේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් රුපියල් 8000 ක වටිනාකමකින් යුත් රුපියල් 500 ක අගය සටහන් කළ රිදී කාසි 1000 ක් සකස්කර තිබෙන බැවින් නගර සභාවට කාසියේ සැබෑ වටිනාකම වන රුපියල් 8000 ක මුදලක් ගෙවා ඒවා ලබාගැනීමට මහජනතාවට අවස්ථාව ඇති බව නාගරික කොමසාරිස් බී.කේ.ඒ. අනුර මහතා ප්‍රකාශ කළේය.
දෙසැම්බර් 14 වැනිදා පැවැත්වෙන සංවත්සර උත්සවයට සමගාමීව මුදල් අමාත්‍යාංශය හරහා මෙම කාසි මුද්‍රණය කළ බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.
විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාවෙන් මේ සඳහා ඉල්ලීමක් පවතිනු ඇතැයි විශ්වාසකරන බවද ඒ මහතා කියා සිටියේය.
'රුපියල් 500 සාමාන්‍ය කාසියක් විදියටයි මෙය මුද්‍රණය කළේ. අමුද්‍රව්‍ය ලෙස රිදී යොදාගත් නිසා එක කාසියක සැබෑ වටිනාකම රුපියල් 8000 ක් වෙනවා. මේ පිළිබඳව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළකර මුලින්ම ඉදිරිපත් වන අයට ලබාදෙන්න සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා පුවත්පතේ පළකරන අයදුම් පත්‍රය සම්පූර්ණ කර නගර සභාවට බාර දී ලියාපදිංචි වීම අවශ්‍යයි. එහෙම නැතිව මේක බෙදන ක්‍රමවේදයක් නැහැ. සම්පූර්ණ ආදායම නගර සභාවට ලැබෙනවා' යනුවෙන් හෙතෙම පවසා සිටියේය.