කොළඹ නගරය තුළ දෛනිකව එක්රැස්වන කසළ මෙට්රික් ටොන් 500ක් මුතුරාජවෙල පිහිටි ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් භූමියකටජනතාවට සහ පරිසරයට අවහිරයක් නොවන අයුරින් විද්යාත්මකව බැහැර කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. ඒ.අනුර මහතා ඊයේ (19දා) පැවසීය.
මුතුරාජවෙල ආරම්භ කිරීමට නියමිත කොම්පෝස්ට් අංගණයට දිරායන කසල මෙට්රික් ටොන් 400ක් සහ අලුතින් නිර්මාණය කරන සනීපාරක්ෂක කසළ රඳවනයක් වෙත නොදිරන කසළ මෙට්රික් ටොන් 100ක් වශයෙන් බැහැර කරන බව කොමසාරිස්වරයා සඳහන් කළේය.
විද්යාත්මකව කසළ බැහරකිරීම සම්බන්ධව ජනතාවට අවබෝධයක් තිබෙන බැවින් එම ස්ථානයට විරෝධයක් පැන නැගී නැති බවද ඒ මහතා පවසා සිටියේය.
තවද කසළ වර්ගීකරණයට කොළඹ නගරයේ ජනතාවගෙන් සියයට 75කගේ සහාය ලැබී ඇති බවත් පැවසූ ඒමහතා තවත් මාස දෙකකදී වෙන්නොකළ කසළ ප්රමාණය බිංදුව දක්වා අඩුකිරීමට සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.
මීට පෙර කොළඹ නගරය තුළින් දෛනිකව කසළ මෙට්රික් ටොන් 1000ක් පමණ එකතුවූ බවත්,මහජනතාව නිවැරදි කසළ කළමනාකරණයකට හුරුවී ඇතිබැවින්නගර සභාව එක් රැස්කරන කසළප්රමාණය අඩුවී ඇති බවත් හෙතෙම කීවේය.
දැනට කසළ වශයෙන් එකතුවන ප්ලාස්ටික්වලින් කොටසක් වෙළෙඳුන් සඳහා ලබාදෙන බවත්, ප්රතිචක්රීරකණය කළ නොහැකි ඉතිරි ප්ලාස්ටික් පරිසරයට හානිනොවන උෂ්ණත්වයක් තුළ දහනයකිරීමට අද සිට යන්ත්ර තුනක් මිලදී ගන්නා බවත්පැවසූ හෙතෙම දැනට එම කසළ දහනය කිරීමට සුදුසුපරිදි එක්රැස්කර තිබෙන බවත් කියා සිටියේය.