ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනිල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව (JCT)) ලාභය 2015 වසර හා සැසදීමේදී සියයට 113කින් වර්ධන වී ඇති බව වරාය හා නාවික අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් ඊයේ (20දා) මේ බව අණාවරණය කළේය. ඒ අනුව ඔහු පවසන්නේ කොළඹ තෙල් බැංකුව 2015 වසරේදී රුපියල් මිලියන 36ක ලාභයක් ලැබූ බවත් 2016 වසරේදී එය රුපියල් මිලියන 77න් දක්වා වර්ධන වී ඇති බවත්ය.
2016 වසරේදී විකුණුම් වියදම හා පරිපාලන වියදම් අඩුකර ගනිමින් කටයුතු කිරීම මෙවැනි ලාභයක් ලැබිමට හේතුවෙ වී තිබේ.
මෙහිදී වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ගැනත් අමාත්‍යවරයා අදහස් දැක්වීය එහිදී ඔහු පැවැසුවේ පසුගිය කාලයේ හොරකම් කළ පුද්ගලයින් නිදැල්ලේ ඉන්නා බවත් ඒ පිළිබඳව තමන් කනස්සල්ලෙන් සිටින බවත්ය.