උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අඹන්පොළ අතර දුම්රිය පාලමක හදිසි අලුත්වැඩියා කටයුත්තක් සිදුකරන බැවින් ලබන 09 වැනිදා (සෙනසුරාදා) සවස්වරුවේ කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය වාණිජ අධිකාරී සිසිර කුමාර මහතා %අද^ ට පැවසුවේ 09 වැනිදා සවස්වරුවේ විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කරන ලෙසත්, 10 වැනිදා උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බවත්ය.