මානුෂීය තත්ත්වය හෝ නොසළකා හරමින් කොළඹ ජාතික රෝහලෙන් විදුලි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට වර්ජනයක නිරත විදුල් සේවකයන් කටයුතු කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
එසේම ඉතාම අතලොස්සක ප්‍රමාණයක විදුලි බිද වැටීම් කිහිපයක් පමණක් සිදු වුවද රටේ සෑම තැනකම බාධාවකින් තොරව විදුලිය සම්පාදනය කිරීමට හැකි වූ බවත් ඔහු පවසයි. ජනන අංශය- 100%, සම්ප්‍රේෂණ අංශය - 100%, බෙදාහැරීම් අංශය- 65% ලෙස ක්‍රියාත්මක වූ බවද ඔහු පවසයි.
මානුෂික තත්ත්වයන් නොසළකා හරිමින් වෛද්‍යවරුන්ගේද, ඉල්ලීම නොසළකා කොළඹ ජාතික රෝහලෙන් විදුලි කාර්යමණ්ඩලය ඉවත් කර ගැනීම වර්ජනයක මානුෂික පසුබිම උගසට තැබීමක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
කුමන බාධක පැමිණියද අඛණ්ඩව මහජනතාවට විදුලිය ලබාදීමට කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.