කොළඹ බබාපුල්ලේ මාවතේ පිහිටි ව්යාපාරික ගොඩනැගිල්ලක් කඩාවැටීම නිසා මියගිය සේවකයන් වෙනුවෙන් මෙතෙක් වන්දි ලබාදී නොමැති බව සඳහන් කරමින් අද (14දා) ඔවුන්ගේ පවුලේ ඥාතීහු විරෝධතාවක නිරත වූහ.
ඉකුත් පෙබරවාරි මාසයේදී මෙම අනතුර නිසා ව්යාපාරික ආයතනයේ හිමිකරුද මියගිය බවත්, පිටත තිබූ තාප්පයක් ගොඩනැගිල්ල මතට කඩාවැටීම නිසා අදාළ ගොඩනැගිල්ල කඩාවැටුණු බවත් විරෝධතාකරුවෝ සඳහන් කරති.
සිද්ධියට මාස 04කට අධික කාලයක් ගතවී තිබුණද පොලිස් පරීක්ෂණ හෝ මෙතෙක් අවසන් වී නොමැති බවත්, මේ නිසා එම ආයතනයේ සේවකයන් 06 දෙනෙකු මියගිය බවද මියගිය පුද්ගලයන්ගේ ඥාතීහු සඳහන් කරති.
ඡායාරූප ඉසුරු පෙරේරා