පාසල් නිවාඩු කාලය අවසන් වීමට සමගාමීව මගීන්ගේ ගමන් පහසුව උදෙසා කොළඹ කොටුව හා මහනුවර අතර විශේෂ දුම්රියක් ධාවනය කරවීමට ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මෙම දුම්රිය හෙට (20දා) ප.ව. 7.20ට කොළඹ කොටුවේ සිට මහනුවර බලා පිටත් වීමට නියමිත අතර, එය මහනුවරට ළඟා වීමට නියමිතව ඇත්තේ පස්වරු 10.23ටය. මෙම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් 22දා සවස 5.25ට පිටත් වීමට නියමිත අතර, එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට රාත්රී 8.40ට ළගා වීමට නියමිතව ඇත.