මෙරට එක් රැස්වන කැළි කසළ ප්‍රතිචක්‍රීකරණය කර ඒ තුළින් විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා බි්රතාන්යයේ SJP සමාගම තෝරාගැනුණද අදාළ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය තාක්ෂණික හෝ මූල්‍ය හැකියාවක් ප්‍රමාණවත් පරිදි එම ආයතනය සතුව නොමැති බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙම සමාගම බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේ මැදිහත්වීම මත කොළඹ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා ඉදිරිපත්ව තිබිණි.
එම යෝජනාවලිය හරහා කරදියාන සහ මුතුරාජවෙල මෙම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන පිහිටුවීමට ආර්ථික කළමනාකරණ පිළිබඳ කැබිනට් කමිටුව (CCM) විසින් නිර්දේශ කර තිබිණි.
මේ පිළිබඳව සොයාබැලීම සඳහා මහනගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පත්කරනු ලැබූ කමිටුව විසින් මේ සම්බන්ධව සැකසූ වර්තාවේ SJP ආයතනය ඉදිරිපත් කළ වාර්තාව ආශ්රයෙන් පැනනැගුණු කරුණු 17ක් සම්බන්ධයෙන් විමසා පසුගිය වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. ඒ සම්බන්ධයෙන් මහ ඇමතිවරයාවද දැනුවත් කර තිබේ.
නමුත් මේ සම්බන්ධයෙන් පැනනැගුණු කරුණු 17 සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.