කොළඹ නගරයේ එක්රැස්වන කුණු කරදියාන ප්රදේශයට බැහැර කිරීමට විරෝධය දක්වමින් කරදියාන ජනතාව විරෝධතාවක් ආරම්භ කර තිබේ.
මේ සඳහා දේශපාලඥයින්ද එක්ව තිබේ. කරදියානට එළැඹෙන 29 දා තෙක් දිනකට කසළ ටොන් 350 බැගින් බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්රාත් අධිකරණය ඊයේ (18දා) අවසරය දුන්නේය.