කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කුමාර හිරිඹුරේගම මහතාට ඉල්ලා අස්වන්නැයි බලකරමින් හෙට (19දා) දින සංඛේත වැඩවර්ජනයක යෙදීමට එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු සහ අනධ්‍යයන සේවකයෝ සූදානම් වෙති.
එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති දේවක වීරකෝන් මහතා සඳහන් කළේ හෙට දහවල් 12 ට විශ්වවවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබෙන බවයි
විශ්වවිද්‍යාලය බහුතරයක් ආචාර්යවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සමග සම්බන්ධව සිටින බවද ඔහු කීය.