ඉහළ ප්‍රමිතියකින් යුතු යටිතල පහසුකම් ගොඩනැංවීම, ජපාන ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම හා කොළඹ උතුර වරාය සංවර්ධනය කිරීම පිළිබඳව ජපානය හා ශ්‍රී ලංකාව අතර අදහස් හුවමාරු වී තිබේ.
ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය තරා අසො මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවේදී මෙසේ අදහස් හුවමාරු වී තිබේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා ජපානය වෙතින් ලබා දුන් සහය, අනුග්‍රහය සහ ආධාර පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජපානයට ස්තූතිය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලසුම් අධ්‍යයනය කරමින්, සුදුසු ව්‍යාපෘති සඳහා ජපානයේ සහය ලබා දීමට අපේක්ෂා කරන බව ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.