කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවිත්‍රතාව සහ නගර අලංකරණ කටයුතු විධිමත් අයුරින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවිත්‍රතාව සහ නගර අලංකරණ කටයුතු පිළිබඳ අද (21දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
කොළඹ නගරය පිරිසුදු සහ ආකර්ෂණීය නගරයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසත්, එම වැඩසටහන් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකා පොලීසියේ පරිසර අංශයේ මැදිහත්වීමෙන්, නගරාධිපතිවරුන් ඇතුළු වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම්, එම අමාත්‍යාංශයේ ලේකම් කේ. හෙට්ටිආරච්චි, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක, යන මහත්වරුද, නගරාධිපතිවරුන් ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.