කොළඹ අධ්‍යාපන කලාපය තුළ පවතින පාසල් වල පවත්වන උත්සව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන ලෙසත් ඔවුන්ට නිසි ගෞරව දක්වන ලෙසත් සඳහන් කරමින් කොළඹ අධ්‍යාපන කාර්යාලය විදුහල්පතිවරුන් වෙනුවෙන් යොමුකළ නියෝගය ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.
පෙබරවාරි මාසයේදී මෙම නියෝගය ඇතුළත් ලිපිය යොමුකර තිබුණේ කොළඹ කළාප අධ්‍යාපන අධ්‍යක් පී.ඒන්. සිල්වා මහතායි. එම නියෝගය ඉවත් කරමින් අප්‍රේල් 09 දා ඔහු නැවතත් විදුහල්පතිවරුන්ට ලිපියක් යොමුකර තිබේ.