කොස්ලන්ද මීරියබැද්ද නාය යාමේ සිදුවීමෙන් විපතට පත්වූවන්ට දකුණු කොරියානු රජයේ හා ජනතාවගේ බලවත් ශෝකය පළ කරන බව කොළඹ පිහිටි දකුණු කොරියානු තානාපති කාර්යාලය පවසයි.
එමෙන්ම, විපතට පත් වූ ප්‍රදේශ යථාතත්ත්වයට ගැනීමට ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලංකා හමුදාව ගන්නා කඩිනම් ක්‍රියාමාර්ග වෙනුවෙන් සහාය පල කිරීමටද කොරියානු තානාපති කාර්යාලය කැමැත්ත පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ජැන් වොන් සම් මහතා අද (01දා) උදෑසන ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී කොරියානු රජය වෙනුවෙන් කඩිනම් සහනාධාර සැපයීමට රු.මිලියන 2.23ක මුදලක් පරිත්‍යාග කර තිබේ.