කොස්ගම, වැරැල්ල මණ්ඩිය ප්රදේශයේදී ද්විත්ව කාන්තා ඝාතනයක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.
අද (02දා) පෙරවරුවේදී මෙම ඝාතනය සිදුව ඇත. කාමිණී දර්ෂනි (34), එන්නෝනා (78) යන අය මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙනි.
සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්රදේශයෙන් පළාගොස් ඇත. මුදල් ආරවුලක් මත මෙම ඝාතනයන් සිදුව තිබේ.