කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා වෙරළ තීරය විනෝදාස්වාද වෙරළ ප්‍ර‘දේශයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
කොළඹ නගරයේ හා තදාසන්න ප්‍ර‘දේශවල වෙසෙන ජනතාවට පොදුවේ භාවිත කළ හැකි වෙරළ තීරයක් ලෙස මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීම මෙහි අරමුණයි.
මේ හරහා මුහුදු ඛාදනය අවම කර ගැනීම හා අතිරේක දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය ඉඩකඩ සලසා ගැනීමටත් මෙයින් අපේක්ෂිතය.
ඒ පිළිබඳව වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.