දකුණු කොරියාවේ සේජෝංග් නුවර රෝහලක ඇති වූ ගින්නෙන් කිසිඳු ලාංකිකයෙකුට හානියක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ දකුණු කොරියාවේ පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සිදුවීම පිළිබඳව අවධානයෙන් සිටින බවයි.
විදේශ මාධ්‍ය පවසන්නේ මෙම ගින්නෙන් පුද්ගලයන් 41ක් මියගොස් 70කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි.