කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම ජුනි මස 20 දින සිට 23 දින දක්වා දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානවලදී සිදුකෙරේ.
මෙම අයදුම්පත් නිෂ්පාදන හා ධීවර රැකියා සඳහා පමණක් නිකුත් කෙරේ. අනුරාධපුර, බදුල්ල, නුවර, මාතර, රත්නපුර යන කාර්යාංශයේ පළාත් කාර්යාල හා ගාල්ල, කඩවත, සීදූව, තංගල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය, වවුනියාව, යාපනය හා පොළොන්නරුව යන කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවලදී හා අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී අයදුම්පත් නිකුත් කෙරේ.
මෙම විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ලෙස වයස අවුරුදු 18- 39 ත් අතර අය (1976 ජුනි 21 සිට 1998 ජුනි 20 දක්වා උපන්) විය යුතු අතර, සිර දඬුවම් නොලද අය විය යුතුය. එසේම කොරියානු රජයෙන් ආපසු හරවා එවූ හෝ නෙරපූ අය නොවිය යුතුය. වර්ණ අන්ධ හෝ වර්ණ දුර්වලකම් නැති අය විය යුතු අතර, කොඳු ඇට පෙළේ ආබාධයක් හෝ ඇඟිලි ආබාධ ඇති අයට මෙම විභාගයට පෙනී සිටිය නොහැක. මෙම විභාගය ජූලි මස ආරම්භ වීමට නියමිතය. ඔන්ලයින් ක්‍රමයට (Point System) පැවැත්වෙන මෙවර විභාගය අංක 205, දෙපානම, පන්නිපිටිය යන කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වේ. වැඩිදුර තොරතුරු සඳහා කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවිය පරිශීලනය කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් හඳුන්වාදෙන මෙම ඔන්ලයින් විභාගයේදී ලකුණු ලබාදීමේ ක්රමයද වෙනස් වී තිබේ. ඒ අනුව භාෂා හැකියාව පිළිබඳ පරීක්ෂණය ඔන්ලයින් ක්‍රමය යටතේ පවත්වන අතර, ඊට අමතරව හැකියා පරීක්ෂණයක්ද ප්‍රා‘යෝගිකව සිදුකරනු ලබයි. අපේක්ෂකයන් ස්ථානීය ලකුණු ක්‍රමය (Point System) යටතේ තෝරාගනු ලබයි. ඒ අනුව මෙවර පවත්වන විභාගයේදී කර්මාන්ත අංශයේ රැකියා සඳහා ඔන්ලයින් ක්‍රමය යටතේ ලකුණු 100 ක් හා හැකියා පරීක්ෂණයේදී ස්ථානීය ලකුණු 100 උපරිම වශයෙන්ද, එසේම ධීවර හා ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා ඔන්ලයින් ක්‍රමය යටතේ ස්ථානීය ලකුණු 90ක්ද හැකියා පරීක්ෂණය ස්ථානීය ලකුණු 110 ක්ද වශයෙන් ලබාදේ. මෙයට අමතරව ඉහත රැකියා අංශ තුන සඳහා අමතර හැකියා ලකුණු 5 බැගින් ලබාදේ. කර්මාන්ත අංශයට ලබාදෙන මුළු ස්ථානීය ලකුණු ප්‍රමාණය 205ක් වන අතර, ධීවර හා ඉදිකිරීම් අංශය සඳහා ලබාදෙන ස්ථානීය ලකුණු ප්‍රමාණය 205 කි. පැරණි ලිඛිත ක්‍රම‘යේ අඩුපාඩු මඟහරවා ගනිමින්, නව ක්‍රමය යටතේ වඩාත් කාර්යක්ෂමව හා වඩා සාධාරණීය අයුරින් විභාගය පවත්වන අතර එහිදී විභාග අපේක්ෂකයන්ගේ වැඩ කිරීමේ හැකියාව, කාලය, ශාරීරික යෝග්‍යතාව ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කෙරේ.