ශ්‍රී ලංකා රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය අනුව, කොරියානු ජනරජය සමග පවත්නා ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බවට ශ්‍රී ලංකා රජය අදහස් කරන බව මංගල සමරවීර මහතාඅවධාරණය කළේය.
කොරියාවේ නිල සංචාරයට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය. ආයෝජනය හා වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, ගෝලීය වශයෙන් වැදගත් කාරණාවලදී සම්බන්ධ වී ක්‍රියාකිරීම හා දැනුම මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කිරීම යනාදී ඉලක්ක සපුරාගැනීම කෙරෙහි යොමු වූ ශ්‍රී ලංකා රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය අනුව, කොරියානු ජනරජය සමග පවත්නා ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බවට ශ්‍රී ලංකා රජය අදහස් කරන බව සමරවීර මහතා විශේෂයෙන් අවධාරණය කරන ලදී. ඒ අනුව දෙරටේ විදේශ අමාත්‍යවරුන් ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි අතර ඒ අනුව යෝජිත ආර්ථික, වාණිජ හා තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ගිවිසුමේ කටයුතු කඩිනමින් අවසන් වනු ඇතැයි යන්න ශ්‍රී ලංකා රජයේ බලාපොරොත්තුව බවද අමාත්‍යවරයා පවසා තිබේ.