ජපානයේ හා කොරියාවේ රැකියා දෙන බව පවසමින් රුපියල් කෝටියකට වැඩි මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
දර්ගා නගරයේ පදිංචි නිශාන්ති චාන්දනී මැණීකේ නම් කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
කම්කරු අමාත්‍යාංශයේ සේවය කරන බව එප්පාවල ,කුරුණැගල, ගලිගමුව, කලුතර යන ප්‍රදේශ වල පදිංචිකරුවන්ගෙන් ජපානය සඳහා රුපියල් ලක්ෂ 12 බැගින් හා කොරියාව සඳහා ලක්ෂ 10 බැගින් ලබා ගෙන ඇතැයි කාර්යාංශය කියයි.
කාන්තාව සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණීලි 20 කට අධික ප්‍රමාණයක් ලැබී තිබුණ බවත් කාර්යාංශය කියයි.