කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්රයේ රැකියාවන් සඳහා 2017 වර්ෂයට අදාළව පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය මෙම මස 27 වැනිදා පැවැත්වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
මෙවර පරීක්ෂණය පරිගණක ආශ්රයෙන් පමණක් පැවැත්වීමට නියමිත බවත්, ඒ අනුව එක් එක් විභාග අපේක්ෂකයන්ට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිය.
ඒ අනුව මෙම මස 27 වැනිදා ආරම්භ වන විභාගය මාස 04ක කාලයක් අංක 205, දෙපානම, පන්නිපිටියේ පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බවත්, දිනකට සැසි 04ක් බැගින් පැවැත්වීමට නියමිත අතර, එක් දිනකට අපේක්ෂකයන් 320කට පමණ විභාගයට පෙනීසිටින බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
විභාගය සඳහා පෙනීසිටින අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍රය හා විභාග අයදුම්පත් ලබාගැනීමේදී ඔවුන්ට ලබාදුන් ඡායාරූපය ඇතුළත් විභාග අයදුම්පත්‍ර කොටස රැගෙන ඒම අනිවාර්ය වේ.