පාර්ලිමේන්තුවේදී රැස්වු 10 දෙනෙකුගෙන් යුතු ව්‍යවස්ථාදායක සභාව විසින් කොමිෂන් සභා හතරක් සඳහා පත්කරන සාමාජිකයින්ගේ නම් පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණි බවත් අනිකුත් ස්වාධීන කොමිෂන් සභා ගැන අවසන් තීරණයක් ගැනීම පිළිබඳව සාකච්ඡාකරන බවත් මහලේකම්වරයා පැවසීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන, ශ්‍රී ලංකා මානව හිමිකම්,රාජ්‍ය සේවා,ජාතික පොලිස් යන කොමිෂන් සභාවලට පත්කරන සාමාජිකයින්ගේ නම් ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකිරීමට ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබේ. නැවත නොවැම්බර් මස 04 වන දින සවස 3.00 ට ව්‍යවස්ථාදායක සභාව යළි රැස්වීමට තිරණය කර තිබේ.