දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කැළි කසළ ප්‍රශ්ණයට විසදුමක් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් දිවයින පුරා කොම්පෝස්ට් අංගන ඉදිකිරීමට ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.
පිළිසරු ව්‍යාපෘතියේ මූල්‍ය ආධාර මත, දිප ව්‍යාප්තව පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ පිහිටුවා ඇති මෙම කොම්පෝස්ට් අංගන ප්රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම පිළිබද මෙහීදී සාකච්ඡාවට ලක් විය. මාතර,ලංකාපුර, මාවතගම, මහඔය, ඇල්පිටිය, හම්බන්තොට, ලූණුගම්වෙහෙර ප්‍රදේශවල දැනට ප්‍රධාන වශයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර ඒවායේ ක්‍රියාකාරිත්වය හා මතුව ඇති ගැටලූ පිලිබදවද දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිනි.