කොම්පඤ්ඤවීදිය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද (12 දා) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් ඇරඹීය.
නිවාස ඒකක 580 ක් හා වාණිජ හා සුපිරි නිවාස සංකීර්ණයකින්ද සමන්විත මෙම ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 420 ක ආයෝජනයක් යෙදවීමට අපේක්ෂිත බව ව්‍යාපෘතියේ ආයෝජකයින් වන ඉන්දියාවේ ටාටා හවුසින් ඩිවලොප්මන්ට් හා එස්.ජී. ඇඩ්වර්ටයිසින් ඇන්ඩ් කන්සල්ටන් සමාගම් ප්‍රකාශ කරයි.