උතුරුදිග පිලිපීනයට අද (18 දා) උදෑසන කඩා වැදුණු කොප්පු සුළි කුණාටුව නිසා එහි ප්‍රදේශ රැසකටම හානි සිදු වී තිබේ.
මෙම සුළි කුණාටුවේ ප්‍රබලත්වය සමගම හටගන්නා දරුණු සුළං තත්ත්වය තවත් දින තුනක පමණ කාලයක් පැවතිය හැකි කාලගුණික අංශ කියයි.
පැයට කිලෝමීටර් 210 ක පමණ වේගයකින් හමාගිය මෙම කොප්පු සුළි කුණාටුවේ වැඩි බලපෑම දුෂ්කර වෙරළ නගරයක් වූ කාසිගුරන් වෙත එල්ල වී ඇත.
පිලිපන ජනගහනයෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් වෙසෙන ලුසොන් ප්‍රධාන දූපත වෙතද මෙය බලපෑම් එල්ල කරනු ඇතැයි ඔවුන් සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම කොප්පු සුළි කුණාටුව පිලිපීනයේ මැනිලා අගනුවර වෙත බලපෑම් එල්ල නොකළත්, සිය පුරවැසියන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එරට රජය පසුගිය සෙනසුරාදා වනවිටත් 6500 කට අධික පිරිසක් අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් කර තිබුණි.