උතුරුදිග පිලිපීනය හරහා හමාගිය කොප්පු සුළි කුණාටුවෙන් පසුව අධික වර්ෂාව සමග ප්‍රබල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පිලිපීනයේ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දහස් ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, ගංවතුර නිසා නිවාස වහළ මත නැගී දිවි බේරාගැනීමට උත්සාහ කරන ජනතාව බේරාගැනීමට පිලිපීන හමුදා යොදවා තිබුණත්, ඇතැම් ග්‍රාමීය ප්‍රදේශ වෙත ළඟා වීම දුෂ්කර බවද කියැවෙයි.
මෙම සුළි කුණාටුව පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එය අති ප්‍රබල සුළි කුණාටුවක සිට මේ වනවිට ක්‍රමයෙන් ප්‍රබලත්වය හීන වූ සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවයි.