කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට සයිටම් ශිෂ්‍යයන් ඇතුළත් කිරීමේදී ප්‍රධාන කරුණු දෙකක් සම්පූර්ණ කරනතෙක් එම පීඨයේ ඉගැන්වීම කටයුතුවලින් අද (18දා) සිට ඉවත් වන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
පසුගිය 15 වැනිදා මෙම තීරණය ගත් බවත්, මේ අනුව තම සංගමයේ සාමාජිකයන් කොතලාවල වෛද්‍ය පීඨයේ සිදු කරන ඉගැන්වීම හා විභාග කටයුතුවලින් ඉවත් වන බවත් එම සංගමයේ කැඳවුම්කරු, විශේෂඥ වෛද්‍ය ආචාර්ය මනුජ් වීරසිංහ මහතා සඳහන් කළේය.
මෙම කරුණුවලට පරිබාහිර කරුණු සැලකිල්ලට ගෙන බඳවා ගැනීම සිදු කළ නොහැකි බවත්, මේ අනුව පහත සඳහන් කරුණුවලට එකඟ වනතෙක් මෙම ඉවත් වීම සිදු කරන බවත් හෙතෙම පවසා සිටියේය.
වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් වන්නේ
-
2010 වර්ෂයේ සිට බලපැවැත්වෙන වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද 'සී' සාමර්ථ 02 හා 'එස්' සාමර්ථය යන අවම සුදුසුකමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අනුගත විය යුතු අතර, ඇතුළත් කර ගන්නා සයිටම් සිසුන්ට එම සුදුසුකම තිබිය යුතුය යන්න හා
-
සයිටම් ආයතනයේදී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර ඇති බව පවසන සිසුන්ට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිරිනැමීමට ප්‍රථමව අමතර පුහුණවක් ලබාදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් පවත්වන අවසන් වසර විභාගයට පෙනී සිට සමත් වීම අනිවාර්යය කිරීම යන්නය.