ආණමඩුව නගරයේ නිවසක රහසිගතව සඟවා තිබූ කොතල හිඹටු කිලෝග්රෑම් 1630 ක ප්රමාණයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට ආණමඩුව පොලිසිය අද (23දා) සමත් වී තිබේ.
මෙම කොතල හිඹටු තොගය නිවසේ කාමරයක ඉතා රහසිගත ලෙස සඟවා තිබූ බවත්, එහි වටිනාකම ශ්රී ලංකා වෙළෙඳ පොළ වටිනාකම රුපියල් ලක්ෂ 05කට ආසන්න නමුත්, විදේශීය වෙළෙඳ පොළ වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බවපොලීසිය පවසයි.