ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගිවෙනකම් තමා කොණ්ඩය වවන බවත්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කොණ්ඩය වවන් නැති බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.හෙතෙම මේ බව පැවසුවේ, තඹුත්තේගමදී පසුගියදා පැවැති උත්සවයකදීය.
එසේම තමාට ආදීවාසින් (වැද්දන්) ගේ නායකයෙකු බවත් ඒ ඥාතීත්වයට තමන්ට මහියංගණය ආසන බාර දුන් බවත් ඔහු පැවැසීය. තමාගේ හැසීරීමත්, පෙනුවත් ආදිවාසීන් වගේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
“1994 වර්ෂයේ චන්ද්‍රිකා මැතිනිය ලංකාවට ඇවිල්ලා අපේ පක්ෂය එකතු කරපු නායිකාව.එතුමිය ඡන්දය ඉල්ලපු වෙලාවේ ලංකාවේ එක මැතිවරණ කොට්ඨාශයයි අපි පැරදුනේ, මහියංගණය විතරයි පැරදුනේ, ඒ ඡන්දෙන් පස්සේ මට චන්ද්‍රිකා මැඩම් කිව්වා මට මහියංගණය භාර ගන්න කියලා.
ඉතින් මමත් බැරි වැඩමනේ භාර ගන්නේ, මම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි වෙනකම් කොණ්ඩෙත් වවනවානේ, දුමින්ද දිසානායක කොණ්ඩේ වවන් නෑ කිව්වා පක්ෂය සමගි වෙනකම්, මම කොණ්ඩේ කපනවා දකින්න කැමති නම්, දුමින්ද කොණ්ඩේ වවනවා දකින්න කැමති නම් පක්ෂය ඉක්මනට සමගි කරවන්න.
මම නොකීවට මම වැද්දන්ගේ නායකයෙක්, මම හිතන්නේ ඔය ඩලස් හරි කවුරු හරි චන්ද්‍රිකා මැඩම්ට කේලමක් විදිහට කිව්වා මම වැද්දන්ගේ එකෙක් කියලා.ඉතින් වැද්දන්ගේ ඥාතිකමට තමයි මට මහියංගණය භාර ගන්න කිව්වේ, ඇත්තටම මම වැද්දන්ගේ ඥාතී මගේ පෙනුමත් වැද්දන්ගේ වගේ, හැසිරීමත් වැද්දන්ගේ වගේ, කොහොම හරි මාව දැම්මා මහියංගණයට, කොහොම හරි අපේ පක්ෂයත් දිනුවා.”යැයි ඩිලාන් පෙරේරා මහතා පැවසිය.