සේයා සදෙව්මි ඝාතන චෝදනාවෙන් නිදහස් වූ දුනේශ් ප්රියශාන්ත නොහොත් කොණ්ඩයා නමැත්තා අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් නිකුත් කෙරුණු වරෙන්තුවක් අනුව අද (21දා) දිනයේදී ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙර ඇපයට අමතරව රුපියල් පනස්දහස බැගින්වූ පුද්ගල ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කෙරුණද, අද පස්වරුව වනවිටත් ඇපකරුවන් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට තවදුරටත් රිමාන්ඩ්ගත වීමට සිදුවිය.
නිවසකට අයුතු ලෙස ඇතුළු වීම හා පුද්ගලයකුට පහරදී තුවාල කිරීමේ චෝදනා දෙකක් සම්බන්ධයෙන් වන නඩුව සඳහා ඉදිරිපත් නොවීම නිසා මෙම වරෙන්තු නිකුත් කර තිබිණි.
මෙම නඩුව නොවැම්බර් මස 23 වැනිදාට යළි කැඳවීමට නියම කෙරිණි. නීතිඥ පාලිත සේනාධීර හා සමන් සේනානායක මහත්වරුන් සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියහ.
මීරිගම කාන්ති